BREAKING NEWSEXCLUSIVE

කොළඹින් 2000 දීමනාව ආරම්භ කරයි

නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් සඳහා රුපියල් 2,000 දීමනාව ලබාදීම අද ආරම්භ කෙරුණා.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න පැවසුවේ ඒ සඳහා පවුල් දෙලක්ෂ 50,000 ක් පමණ හඳුනාගෙන ඇති බවයි.

සෙසු දිස්ත්‍රික්කවල නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පවුල් සඳහා රුපියල් 2,000 දීමනාව ලබාදීමට අදාළ කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.

ඊට අදාළ මූල්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබාදී ඇති බවයි ආර්ථික පුණර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකාය සඳහන් කළේ.

රාජ්‍ය සේවකයින්, විශ්‍රාමිකයින්, සමෘද්ධි ප්‍රතිලාභීන්, වැඩිහිටි, සියවස් පූර්ණ, ආබාධිත වැනි රජයේ මාසික දීමනා ලාභීන්ට මෙම රුපියල් 2,000 දීමනාව හිමිවන්නේ නැහැ.

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සහ ග්‍රාමීය කමිටුවේ සහය ඇතිව ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් සේවයේ නිරත නිලධාරීන් මගින් සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව අදාළ දීමනාව ලබාදීමට කටයුතු කරන ලෙසයි රජය අදාළ පාර්ශවයන්ට දැනුම් දී ඇත්තේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button