BREAKING NEWSEXCLUSIVE

කොවිඩ් රෝගීන් සදහා වූ 1904 කෙටි පණිවුඩ සේවාව අද සිට දකුණු පළාතටත්

නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් කළමනාකරණ කිරීම සහ ඔවුන්ට තොරතුරු ලබාදීම සඳහා ආරම්භ කළ 1904 කෙටි පණිවුඩ සේවාව අද (02) සිට දකුණු පළාතටත් හඳුන්වා දී ඇති බව යුද හමුදාව පවසනවා

මෙම සේවාව මෙතෙක් ක්‍රියාත්මක කෙරුණේ බස්නාහිර පළාත සඳහා පමනක් වන අතර අද (02) සිට එය දකුණු පළාත තුළද ක්‍රියාත්මකයි.

කොවිඩ් රෝගය ආසාදනයවීමෙන් ශ්වසන අපහසුතා මෙන්ම සංකූලතා සහිත රෝගීන් කඩිනමින් රෝහල් වෙත යොමු කිරීම, අනෙකුත් රෝග ලක්ෂණ ඇති රෝගීන් සුදුසු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සහ රෝග ලක්ෂණ නොමැති රෝගීන් නිවෙස් තුළ කළමනාකරණය කිරීම මෙමගින් සිදුකරනු ලබනවා.

ඒ අනුව දකුණු පළාතේ කොවිඩ් ආසාදනයට ලක්වන පුද්ගලයින් තමා හට ඇති රෝග ලක්ෂණ වලට අදාල ඉංග්‍රීසි අක්ෂරය ( ශ්වසන ආබාධ සහ අනෙකුත් සංකූලතා පවති නම් – A , උණ සහ අනෙකුත් රෝග ලක්ෂණ පවතින්නේ නම් – B , රෝග ලක්ෂණ නොමැති පුද්ගලයින් – C ) සඳහන් කර තම උපන්දිනය හා ලිපිනය සහිතව 1904 අංකයට කෙටි පණිවුඩය යොමු කළ යුතුය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button