BREAKING NEWSPOLITICS
සජිත්ට පයින් ගසා කරූ එජාප නායකත්වයට.. සජිත් එලියටම විසි වෙයි..

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත්වී කරු ජයසූරිය මහතාට වැඩබලන නායකත්වය ලබා දීමට සූදානම් කර ඇති බවත් එම පක්ෂය ආරංචිමාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරනයෙන් ලද පරාජය සැලකිල්ලට ගනිමින් මෙම තීන්දුව ගෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවර්ධන සිදුකිරීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බවද වාර්තාවේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ දරන ලද තනතුරුවලින් ඉවත් වූ බව මාධ්‍යයට පැවැසූ කිසිවෙකුටත් නැවතත් තනතුරු ලබා නොදීමට තීරණය කර ඇත.
එම තීරණය අනුව සජිත් ප්‍රේමදාස, කබීර් හෂීම්, හරීන් ප්‍රනාන්දු ඇතුළු කිහිප දෙනෙකුට එජාපයේ කිසිදු තනතුරක් නැවත හිමි නොවනු ඇත.
දැනට පක්ෂයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කරන නවීන් දිසානායක මහතාටද ඉහළ තනතුරක් ලැබෙනු ඇති බවද ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.