වැඩ අවසන් කල මාර්ග 1500ක් එක් දිනක් තුළ ජනතා අයිතියට පැවරීම හෙට

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ප්‍රධාන මාර්ග වලට හා අධිවේගී මාර්ග වලට තදබදයකින් තොරව පහසුවෙන් පිවිසිය හැකි ආකාරයට සියළු අභ්‍යන්තර, ග්‍රාමීය හා අතුරු මාර්ග කි.මි 100,000 ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ වැඩ අවසන් කල මාර්ග 1500ක් සෞභාග්‍යය මංපෙත් විප්ලවයේ දහසකුත් වැඩ නිම වන දවස යන තේමාව යටතේ එක් දිනක් තුල ජනතා අයිතියට පත් කිරීමේ සමාරම්භක උත්සවය 2021-11-06 වන සෙනසුරාදා දින ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් වීරකැටිය මණ්ඩාඩුව ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියා.
දිවයිනේ සියළුම දිස්ත්‍රික්ක හා මැතිවරණ කොට්ඨාශ සියල්ල ආවරණය වන පරිදි මෙම මාර්ග 1500ක් නිම කර ඇත. මෙම මාර්ග සියල්ල මාස 3 ක් ඇතුලත නිම කිරීම මෙහි ඇති සුවිශේෂත්වයයි.
රටේ පවතින කොඩිඩ් වසංගතය තත්වය පැතිරීම වැලැක්වීම සදහා රජය විසින් නිරෝධායන ඇදිරි නීතිය විටින් විටි පැනවූවත් රටපුරා ආරම්භ කර තිබූ මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් සියල්ල නොකඩවා සාමාන්‍ය පරිදි සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් හා මාර්ගෝපදේශයන්ට අනුව සිදු කල නිසා මෙම මාර්ග 1500ක් මාස තුනක් වැනි කාලයකදී ඉදිකර ජනතා අයිතියට පත් කිරීමට හැකි වූ බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියා සිටියා.