අප්පච්චි සංවේදි වේ – අසර්බයිජානයේදි මියගිය මෙරට දරුවන් ගෙන්වා ගන්න රජයෙන් ලක්ෂ 15ක්

උසස් අධ්‍යාපනය සඳහා අසර්බයිජානයට ගොස් එරට සරසවි නේවාසිකාගාරයකදී මියගිය ශ්‍රී ලාංකේය සිසුවියන් තිදෙනාගේ මෘතදේහ ලංකාවට ගෙන්වා ගැනීම සඳහා රජය විසින් රුපියල් ලක්ෂ 15 ක් වෙන් කර තිබේ.
මුදල් අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම තීරණය ගෙන තිබේ.
ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනාගේ දේහ කඩනමින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා එරට රජය සමග මේ වනවිට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවත් වාර්තා වේ.
මෙම ශිෂ්‍යාවන් තිදෙනා මීට මාස 6 කට පෙර අසර්බයිජාන් වෙස්ට් කැස්ෆියන් පෞද්ගලික විශ්වවිද්‍යාලයට ඇතුළත් වී තිබුණේ වසරක ඉංග්‍රීසි පුහුණු පාඨමාලාවක් හැදෑරීම සඳහාය.
බාකු අගනුවර ඔවුන් අධ්‍යාපනය හැදෑරූ විශ්වවිද්‍යාලය ආසන්නයේම පිහිටි දෙමහල් නිවසක මොවුන් නවාතැන් ගෙන සිට ඇත.
මෙම සිසුවියන් තිදෙනාගේ අභාවයත් සමගම විදෙස් අධ්‍යාපනය සඳහා දරුවන් යවනා ආයතන නියාමනය කිරීමටද රජය තීරණය කර තිබේ.