BREAKING NEWSEXCLUSIVE

නවීකරණය කරන ලද ලෑන්ඩ් රෝවර් 12ක් නැවත යුද හමුදාවට එක් වෙයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව විසින් ලෑන්ඩ් රෝවර් වර්ගයේ රථ 12ක් නවීකරණය කර තිබෙනවා.

මෙහි විශේෂ හි විශේෂත්වය නම් සියලුම ලෑන්ඩ් රෝවර් රථ යුධ හමුදා විසින් දිගුකාලීන ප්‍රයෝජනයට ගෙන, ප්‍රයෝජනයට නුසුදුසු තත්වයට පත් වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කළ ඒවා වීමයි.

යුද හමුදාවේ භාවිතය සඳහා විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැයවන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට ඉතිරි කර ගැනීම සඳහා යුද හමුදාපති
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයකට අනුව මෙම රථවාහන ප්‍රති නවීකරණය කිරීමේ වැඩ වැඩසටහන ආරම්භ වු අතර මෙම සියලු වාහන ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ භට පිරිස් වල ශ්‍රම දායකත්වය සහ තාක්ෂණික දැනුම යොදා ගනිමින් නවීකරණය කර තිබෙනවා.

මීට අමතරව භාවිතයෙන් ඉවත්කරන ලද යතුරුපැදි, වෑන්, ලොරි, ට්‍රක් රථ, සහ බස් රථ ඇතුළු බර වාහන රැසක් උඩවලව, අනුරාධපුර, කිලිනොච්චිය සහ යාපනය ඇතුළු දිවයින පුරා ස්ථාපිත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු වැඩපොළවල් මගින් යුද හමුදාවේ ප්‍රයෝජනය සඳහා අලුත්වැඩියා කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button