BREAKING NEWSEXCLUSIVEPOLITICS
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් 23 වනදා අවසන් තීන්දුවට..!

යුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නායකයන් ලබන 23වනදා යළි රැස්වීමට නියමිතය.
එම ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස දන්වමින් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් ඉකුත්දා ජනාධිපතිවරයාට ලිපියක් ද යොමු කර තිබුණු අතර ගිවිසුම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා හා මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන ලෙසට ජනාධිපතිවරයා එම ලිපියට ප්‍රතිචාර දක්වමින් සදහන් කර තිබුනා.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නායකයන් ලබන 23වනදා රැස්වීමට තීරණය කර තිබෙනවා. එදින සාකච්ඡා වල ප්‍රතිඵලය අනුව පෙරළිකාර තීන්දුවකට පැමිනීමට ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වනවා.