BREAKING NEWSEXCLUSIVE

නිරෝධායන පවුල්වලට දුන් 10000 සලාකය අද සිට අඩු ආදායම් පවුල් වලට පමණයි

සෞඛ්‍ය අංශ වල උපදෙස් අනුව නිරෝධායනයට ලක් කරන පවුල් සඳහා රජයෙන් ලබා දෙන රුපියල් දස දහසක් වටිනා වියළි ආහාර සලාකය අද (25) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් සඳහා පමණක් ලබා දීමට රජය විසින් තීරණය කර තිබෙනවා.

මේ බව සඳහන් කරමින් ආර්ථික පුනර්ජීවන සහ දරීද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සම ලේකම්වරයාගේ අත්සනින් යුතුව අදාල විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් ඊයේ (24) දිනයේ නිකුත් කර ඇත.

උද්ගතවී ඇති ව්‍යසනකාරි තත්ත්වය හමුවේ නිරෝධායනයට ලක් කර සිටින පවුල් සඳහා බේදයකින් තොරව ලබා දෙමින් තිබෙන මෙම වියලි ආහාර සලාකය අඩු ආදායම්ලාභී පවුල් වලට පමණක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව එම චක්‍රලේඛයෙහි සඳහන්.

කෙසේ නමුත් රජයේ නිර්ණායක වලට අනුව රුපියල් තුන්දහසක මාසික ආදායමක් උපයන පවුල් අඩු ආදායම්ලාභි පවුල් ගණයට ඇතුළත් වන බවද එවැනි ආදායම් උපයන පවුල් වර්තමානයේ රට තුළ සොයා ගැනීමට නොමැති බව සඳහන් කරන ග්‍රාම නිලධාරීන් ඒ අනුව මෙවැනි චක්‍රලේඛයක් ක්‍රියාත්මක කිරීම අපහසු බව පෙන්වා දෙනවා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button