BREAKING NEWSEXCLUSIVE

දින 10න් ඇඳන් 10,000 සම්පූර්ණයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලිකත්වයෙන්  මැයි 7 වන දින ආරම්භ වූ දින 10 ක් තුළ ඇඳන් 10,000 ක් සෑදීමේ ජාතික කර්තව්‍යය අදින් සම්පූර්ණ විය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට අනුව දින 10 තුළ ඇඳන් 16,000 ක් පමණ නිම කර අදාළ සෞඛ්‍ය නිලධාරීන්ට භාරදී ඇත.

වෛද්‍ය මධ්‍යස්ථාන තුල ප්‍රතිකාර ලබන සියලූම දෙනා වෙනුවෙන් ඇතිවන ඇදන් වල අවශ්‍යතාවය සපුරාලීම ප්‍රධානකොට මෙය ඇරඹුන අතර ජාතික තරුණ සේවා සභාව, යෞවන සමාජ සම්මේලනය ඇතුළු බොහෝමයක් තරුණ සංවිධාන, රජයේ ආයතන සහ විවිධ ස්වේච්ඡා සංවිධාන මෙම ජාතික කාර්යය සාක්ෂාත් කර ගැනීමට එක්ව සිටියහ.

මෙම ප්‍රයත්නයේ යෙදී සිටි තරුණ තරුණියන් දිරිගැන්වමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විවිධ වැඩමුළු වල පරීක්ෂණ චාරිකා වල නිරත වීමද පසුගිය දින කිහිපය තුලම සිදු කෙරුණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button