BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

කොළඹට කොවිඩ් සත්කාර ඒකක 08ක්..

කොළඹ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි කොවිඩ් සත්කාර ඒකක 08ක් පිහිටුවීමට කටයුතු සුදානම් බව දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසනවා

මේ සම්බන්දව වැඩිදුර කරුණු දැක්වමින් ඒ මහතා කියාසිටියේ ඉන් 04ක් මේ වන විටත් සෞඛ්‍ය බලධාරීන් වෙත බාර දී ඇති බවයි.

රත්මලාන, හෝමාගම සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ප්‍රදේශවල අසාදිතයින් 750ක් සඳහා එක වර පහසුකම් ලබා දිය හැකි අයුරින් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව ඒ මහතා පවසා සිටියා.

කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා පවසන පරිදි ඉතිරි ඒකක 04 ඉදිරි සතිය තුල සෞඛ්‍ය බලධාරීන් වෙත භාරදීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button