BREAKING NEWSEXCLUSIVE
හෝමාගම ක්‍රීඩාංගණය ගැන කතා කරන්න අගමැති සංගා, මහේල කැඳවයි
Prime Minister Sanga calls for Mahela to discuss Homagama stadium

හෝමාගම ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිතව ඇති මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සඳහා අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ අද (21) දිනයේ දී හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක් හමු වී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වනවා.
මෙම හමුව අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.
මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ රොෂාන් මහානාම ක්‍රීඩකයන් සමඟ මෙම සාකච්ඡා සිදු කිරීමට නියමිත බව සඳහන්.
පසුගියදා අමාත්‍ය බන්දුල ගුණවර්ධන රුපියල් කෝටි 800ක පමණ වියදමකින් ඉදි කිරීමට යෝජිත මෙම ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් ප්‍රකාශ කර ගැනීමත් සමඟ පාර්ශව රැසකින් ඊට එරෙහිව දැඩි විවේචන එල්ල වුණා.