BREAKING NEWSEXCLUSIVE
හෙට සිට අප්‍රේල් 10 වනදා දක්වා නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

හෙට (6) සදුදා සිට 10 වැනි සිකුරාදා දක්වා සතියේ වැඩ කරන දින රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයම ආයතන සඳහා නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කර ඇති ඇදිරි නීතිය දිස්ත්‍රික්ක 19 ක් සඳහා හෙට (6) තාවකාලිකව ඉවත් කිරීමට නියමිතව තිබේ.
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක හැරුණු විට සෙසු දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය මෙලෙස හෙට උදෑසන 06.00 ට ඉවත් කෙරෙන බවයි රජය පවසන්නේ.
හෙට පස්වරු 02.00 සිට අදාල දිස්ත්‍රික්කවලට යලි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එය ඉවත් කරන දිනයක් මෙතෙක් රජය විසින් ප්‍රකාශයට පත් කර නැත.