BREAKING NEWSPOLITICS

හිරුට හා රේනෝ සිල්වාට මඩ ගැසීමට මංගලගෙන් කුමන්ත‍්‍රණයක්…

හිරුට හා රේනෝ සිල්වාට මඩ ගැසීමට මංගලගෙන් කුමන්ත‍්‍රණයක්

හිරු නාලිකාවට සහ එහි සභාපති රේනෝ සිල්වාට අභූත චෝදනා නගමින් මඩගැසීමේ කුමන්ත‍්‍රණයකට මංගල සමරවීර ඇතුලූ එක්සත් ජාතික පක්ෂ මඩ බලකාය සූදානම් වන බව වාර්තාවේ.

මත්කුඩු ළඟ තබාගැනීම නිසා ගල්කිස්ස පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන පසුව මංගලගේ බලපෑම මත නිදහස් කළ මංගලගේ ලේකම්වරයෙකු හරහා මෙම කුමන්ත‍්‍රණය සැළසුම් කරමින් සිටී.

ඒ අනුව කුඩු ජාවාරම්කරුවන් සහ පාතාල සාමාජිකයින්ට ඉතා විශාල මුදල් ප‍්‍රමාණයක් ලබාදී ඔවුන් හරහා හිරු නාලිකාවට හා රේනෝ සිල්වාට අභූත චෝදනා ඉදිරිපත් කරමින් ඒවා වීඩියෝ ගතකොට සමාජ මාධ්‍ය ඔස්සේ එම වීඩියෝ ප‍්‍රසිද්ධියට පත් කිරීම මංගල ප‍්‍රමුඛ එජාප මඩ බලකායේ අරමුණ වී ඇත.

මේ පිළිබඳව සිදුකළ සාකච්ඡාවේදී එහි සිටි කිහිපදෙනෙකු ප‍්‍රකාශ කර ඇත්තේ හිරු නාලිකාවත්, එහි සභාපති රේනෝ සිල්වාත් එම චෝදනාවලට ඉතා ඉක්මණින් පිළිතුරු දී එහි සත්‍ය පෙන්වා දෙනු ඇති බවත්, එය තමන්ට පාරා වළල්ලක් විය හැකි බවත්ය.

එහෙත් මංගල සමරවීර අමාත්‍යවරයා සහ ඔහුගේ ලේකම්වරයා ප‍්‍රකාශ කර ඇත්තේ දින දෙක තුනක් හෝ මෙම අසත්‍ය ප‍්‍රචාරය ගෙන ගියහොත් කිහිපදෙනෙකු හෝ එය විශ්වාස කරනු ඇති බවයි.

තවදුරටත් මංගල සමරවීර අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ හිරු නාලිකාව සහ රේනෝ සිල්වාව අද ජනතාව ඉතා ඉහළින් විශ්වාස කරන බවත්, කුමන දෙයක් හෝ කර හෝ එම විශ්වාසය කඩා දැමිය යුතු බවයි.

එමෙන්ම ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස සිය මැතිවරණ ව්‍යාපාරය තුළ සිදුකරන ප‍්‍රකාශ හරහා ඔහුගේ සමස්ත මැතිවරණ ව්‍යාපාරයම ඉතා ව්‍යාකූල තත්ත්වයට පත්ව ඇති බවත් එම ප‍්‍රකාශ හිරු නාලිකාව හරහා විකාශය කිරීම කෙසේ හෝ නවත්වාලිය යුතු බවත්, ඒ අනුව හිරු නාලිකාවට හා එහි සභාපති රේනෝ සිල්වාට අභූත චෝදනා නගමින් මඩ ප‍්‍රහාරයක් සිදුකර ඔවුන් නිහඬ කළ යුතු බව මංගල සමරවීර සිය මඩ බලකාය ඉදිරියේ ප‍්‍රකාශ කර ඇත.

ඒ වෙනුවෙන් කුමන හෝ මුදලක් හෝ වියදම් කර හැකි ඉක්මණින් මඩ ප‍්‍රහාරය දියත් කරන ලෙස මංගල සමරවීර අමාත්‍යවරයා තම මඩ බලකායට නියෝග කර ඇත.

හිරුට සහ රේනෝ සිල්වාට මෙම මඩ ප‍්‍රහාරය දියත් කිරීමෙන් පසුව තමන්ට පාලනයක් නොමැති අනෙකන් නාලිකා සහ පුවත්පත්වටලත් මඩ ප‍්‍රහාර දියත් කිරීම සඳහා සූදානම් වන ලෙසද මංගල සමරවීර අමාත්‍යවරයා තම මඩ බලකායට දැනුම්දී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button