BREAKING NEWSEXCLUSIVE

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අසනීප වේ – වෛද්‍ය උමා ශංකර්ගේ වාර්තාවක් යටතේ ලංකා හොස්පිට්ල්ස් වෙත ඇතුලත් කිරීමට සුදානම්!

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න එක්වරම අසනීප වී තිබෙන බවට වෛද්‍ය වාර්තාවක් ලැබී තිබෙන බව වාර්තා වෙනවා.

පුද්ගලික රෝහලක් වන නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ වෛද්‍ය උමා ශංකර් විසින් හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් මෙම වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර තිබේ.

මේ අනුව හැකි ඉක්මණින් රාජිත සේනාරත්න රෝහල් ගත වීමට සුදානම් බවත්, එයට අදාල සියලූ වාර්තා සපයා ඔහු නේවාසිකව රදවා තබා ගැනීමට නාරාහේන්පිට ලංකා හොස්පිට්ල්ස් ආයතනය සුදානම් වන බව වාර්තා වෙනවා.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ ඇප අහෝසි කොට ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය අද නියෝග කළා.

මින්පෙරද රාජිත සේනාරත්නට වරෙන්තු නිකුත් කළ අවස්තාවේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින්, ඔහු අත්අඩංගුවට ගැනීම වැළැක්වූයේ නාරාහේන්පිට ලංකා හොස්පිට්ල්ස් විසින් වීම විශේෂත්වයකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button