සොෆ්ට්ලොජික් ජාවාරමට අහුවුනාද? Online බඩු ගන්නේ පරිස්සමින්!

සොෆ්ට්ලොජික් සමූහයට අයත් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අළෙවි කරන mysoftlogic.lk නම් වෙබ් අඩවිය ඔස්සේ සිදුකරනු ලබන ජාවාරමක් පිළිබද පාරිභෝගික සේවා අධිකාරිය වෙත පැමිණිලි විශාල ප්රනමාණයක් ලැබෙමින් පවතින බව එම ආයතන ආරංචි මාර්ග පවසයි.
අන්තර්ජාලය ඔස්සේ නිවසට අවශ්යර ගෘහ විදුලි උපකරණ ඇතුළු භාන්ඩ රැසක් මිළදී ගෙන දින 03 සිට 05 දක්වා වැනි කෙටි කලක් තුළ ඒවා නිවසටම ගෙනැවිත් දෙන බවට දැවැන්ත ලෙස රූපවාහිනි සහ අන්තර්ජාල මාධ්යස ඔස්සේ ප්‍ර චාරය කරමින් සිටින ඔවුන් එලෙස භාන්ඩ නියමිත පරිදි ලබානොදෙන බව එම පැමිණිලි වල සදහන් වේ.
mysoftlogic.lk වෙබ් අඩවිය ඔස්සේ කාඩ්පත් මගින් මුදල් අයකරගත් බොහොමයක් දෙනෙකු නියමිත දිනට භාන්ඩ නොලැබීම පිළිබද එම ආයතනයේ පාරිභෝගික සේවාව වෙත පැමිණිලි දැනුම් දුන් බොහොමයක් පාරිභෝගිකයන්ගේ විමසීම් පිළිබද තැකීමක් නොකරන ඔවුන් දින කිහිපයක් ඇතුළත එම භාන්ඩ ලබාදෙන පොරොන්දුව පමණක් ලබාදෙන බව පාරිභෝගික අධිකාරිවය වෙත ලැබී ඇති පැමිණිලි වල සදහන් වේ.
mysoftlogic.lk අභ්‍යයන්තර ආරංචි මාර්ග පවසන ආකාරයට Online ක්රොමය ඔස්සේ මුදල් අයකරගන්නා බොහොමයක් නිෂ්පාදනව තොග අවසන් වී ඇති අතර දිගින් දිගටම පාරිභෝගික සේවාව අමතන ගණුදෙනුකරුවන්ගේ මුදල් පමණක් නැවත අදාල කාඩ්පත් වෙත බැර කරන බව ද වාර්තා වේ.
රටේ පවතින තත්වය හමුවේ ආනයන සීමා පැනවී ඇති හෙයින් mysoftlogic.lk ඔස්සේ අළෙවි කිරීමට ඇති බොහොමයක් භාන්ඩ ආනයනය කිරීමද අත්හිටුවා ඇත.
එහෙත් ඒබව වසන් කරන ඔවුන් මෙලෙස පාරිභෝගිකයන්ගෙන් මුදල් අයකරගැනීම දැවැන්ත ජාවාරමක් බව අගතියට පත් පාරිභෝගිකයන්ගේ පැමිණිළි වල සදහන් වේ.
දිගින් දිගටම පැමිණෙ පැමිණිලි නිසා 0770128128 දරණ ඔවුන්ගේ පාරිභෝගික සේවා අංකයද ප්‍ර තිචාර නොදක්වන මට්ටමකට පත් වී ඇති නිසා mysoftlogic.lk ඔස්සේ විවිධ භාන්ඩ ඇණවුම් කළ පාරිභෝගිකයන් රැසක් මේ වන විට දැඩි අපහසුතාවයට පත්ව තිබේ.
mysoftlogic.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබත් මේ වංචාවට හසුවී ඇත්නම් 0117755455 ඔස්සේ පාරිභෝගික සේවා අධිකාරිය වෙත පැමිණිලි කිරීම මගින් ප්රාමාදයකින් තොරව ඔබේ මුදල් ලබාගත හැකි වනු ඇත.