BREAKING NEWSEXCLUSIVE

සමාජවාදී පක්ෂයේ මන්ත්‍රීට අයත් කෝටි 20ක් වටිනා නාරාහේන්පිට සිවු මහල් ගොඩනැගිල්ල බදු දෙයි

මෙරට සමාජවාදී පක්ෂයක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අයත් නාරාහේන්පිට නගරයේ සිවු මහල් ගොඩනැගිල්ලක් ව්‍යාපාරික කටයුතු සඳහා බදු දී තිබේ.

මෙම හිටපු මන්ත්‍රීවරයා වෝටර්ස් ඒජ් වැනි තරු පන්තියේ හෝටල වල බීමත්ව හැසිරීමේ ඉතිහාසයක් සහිත පුද්ගලයෙකු වන අතර වරක් බීමත්ව සිය සුපිරි ජීප් රථය පදවා විදුලි කනුවක හප්පා ගෙනද තිබේ. කෙසේ වෙතත් එවකට රජයට දැඩි ලෙස හිතවත් දේශපාලනයක නිරත වූ මෙම මන්ත්‍රීවරයා

නාරාහේන්පිට වාණිජ භූමීයේ ඉඩමක පිහිටි මෙම ගොඩනැගිල්ල පිහිටි ඉඩම පර්චස් විස්සක් පමණ වන අතර එහි පර්චස් 1ක් ලක්ෂ 80ක වටිනාකමකට ඇස්තමේන්තු කර තිබේ.

මේ අනුව සිවු මහල් ගොඩනැගිල්ල, ඉහි බඩු භාණ්ඩ සහ ඉඩමේ සම්පූර්ණ වටිනාකම මිලියන 200කට (කෝටි 20කට) ඇස්තමේන්තු කර තිබේ.

2015 වසරට පෙර කුලී නිවසක සිය පක්ෂයේ අරමුදලින් ජීවත් වූ මෙම මන්ත්‍රීවරයා 2016 වසරේදී මෙම ඉඩම මිලට ගෙන ගොඩනැගිල්ල ඉදිකිරීම අරඹා තිබේ.

ව්‍යාපාරික පරිශ්‍රයන් සඳහා භාවිතා කිරීමට ඉදි කර ඇති මෙම ගොඩනැගිල්ල බදු දීම මේ වනවිට ඇරඹී තිබේ.

සිය වැටුප හෝ ලබා නොගන්නා, වෙනත් කිසිදු පුද්ගලික හෝ සාමාන්‍ය ව්‍යාපාරයක් හෝ නොමැති, 2015ට පෙර කිසිඳු වත්කමක් නොතිබූ මෙම පුද්ගලයා 2015 වසරෙන් පසු මෙතරම් ධනවත් වූයේ කෙසේ දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරති.

මෙම මන්ත්‍රීවරයා නියෝජනය කළ පක්ෂය සහ පුද්ගලිකව ඔහු එජාපය ඉතා සමීපව කටයුතු කළ අතර එයට කෘතගුණ වශයෙන් පැවැති එජාප රජයෙන් ඔවුන්ගේ පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට දැඩි වරප්‍රසාද ලබා දුන් බව ප්‍රසිද්ධ කරුණකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button