BREAKING NEWSPOLITICS
සති තුනකින් අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට පිටුවහල් කෙරේ – සිංගප්පූරු රජය එකග වෙයි

මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගැනීම සඳහා නෛතික ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතින බව රාජ්‍ය ඇමති තිලංග සුමතිපාල මහතා පවසයි.
සිංගප්පූරු රජය මේ වනවිට ඒ පිලිබදව ශ්‍රී ලංකාව සමග එකඟතාවකට පැමිණ ඇතැයිද ඔහු සඳහන් කළේය.
ඒ අනුව ඉදිරි සති තුනක කාලය ඇතුළත කාලයේ දී අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන ඒමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.
බැදුම්කර නඩුවේ ප්‍රධාන සැකකරු වන අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන එන තෙක් බැඳුම්කර නඩුව පවත්වාගෙන යාම ගැටලු සහගත වී තිබෙන බවද ඔහු සඳහන් කළේය.
අනුරාධපුරයේ දී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.