සජිත් ජනාධිපති අපේක්ෂකයා කරන කෘත්‍යාධිකාරිය අද – යෝජනාව අගමැති රනිල්ගෙන්.!

ඉදිරි ජනපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂකයා නිල වශයෙන් නම් කිරීම අද දින සිදුවන බව වාර්තා වේ. මේ අනුව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙසට නම් කිරීමට වැඩි ඉඩක් පවතින බවද වාර්තා වේ.
සිරිකොත මූලස්ථානයේදී පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ නම ජනාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා කරන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එම යෝජනාව ඒකමතිකව යෝජනාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීම අපේක්ෂාව වී ඇති බවත් ඒ අනුව නාමයෝජනා මණ්ඩලයක් නම් කිරීමට අවශ්‍ය නොවනු ඇති බවත් වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය සිරිකොත මූලස්ථානයේදී අද (26) පස්වරු තුනට පැවැත්වෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
කෙසේ වෙතත් අපේක්ෂකත්වය ලබා දීම සදහා එකග විය යුතු කොන්දේසි පිලි ගැනීමට පේ‍්‍රමදාස මහතා මෙතෙක් කටයුතු නොකිරීම මත කෘත්‍යාධිකාරී මණ්ඩලය උණුසුම් වනු ඇතැයිද පැවැසෙයි.
ජනාධිපති අපේක්ෂකත්වයට පත් කිරීමේ සිට ඉදිරි සියළු ප්රචාරක කටයුතු සජිත් ප්‍රේමදාස මහතා යටතේ සිදුකිරීමට නියමිතය. ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය මෙහෙයවීමද සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට පැවරෙනු ඇති බවත් සඳහන්.