BREAKING NEWSEXCLUSIVEPOLITICS

සජිත් ඇතුළු 99ක් එජාපයෙන් ඉවත් කිරීම අත්හිටුවන ලෙස වාරණ නියෝගයක් ඉල්ලමින් ගොණු කළ පෙත්සම අභියාචනාධිකරණය ඉවත දමයි

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂයට එක් වූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජිතයන් 99 දෙනකු එම පක්ෂයෙන් ඉවත් කිරීම වළවාලන ලෙස වාරණයක් නිකුත් කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කර තිබූ නියෝගය අත්හිටුවන්නැයි ඉල්ලමින් එම සමගි ජන බලවේගය විසින් ගොනුකර තිබූ අභියාචනය විභාගයට නොගෙන ඉවත දැමීමට අභියාචන මහාධිකරණය අද නියෝග කළේය.

පෙත්සම්කාර රංජිත් මද්දුමබණ්ඩාර මහතාට අධිකරණය විසින් නියම කර ලද්දේ නඩු ගාස්තු වශයෙන් රුපියල් 25,000 ක මුදලක් ගෙවීමටයි.පෙත්සම ප්‍රතික්ෂේප කරමින් මහධිකරණය සඳහන් කළේ පෙත්සම විභාගයට ගැනීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කිරීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button