සජිත්ගෙ පිරිසක් නාමල්ගෙ නම භාවිතා කරලා පොදු ජනතාව අපහසුතාවට පත් කරලා – ජන්ද කැඩීම අරමුනලු

සජිත්ගෙ පිරිසක් නාමල්ගෙ නම භාවිතා කරලා පොදු ජනතාව අපහසුතාවට පත් කර තිබෙනවා මේ පිලිබද අදහස් දැක්වු නාමල් රාජපක්ශ මහතා පැවසුවෙ මෙවැන්නක්
හම්බන්තොට දිස්ත්රික්කයේ ප්රතිවිරුද්ධ මත දරණ සංවිධානාත්මක දේශපාලන කණ්ඩායමක් අපගේ පක්ෂයට හා මාගේ කීර්තිනාමයට හානි කිරීමේ අරමුණින් මාගේ නම භාවිතා කරමින් විවිධ කළහකාරී සිදුවීම් කර ජනතාව අපහසුතාවයන්ට පත්කර දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ දරන බවට තොරතුරු ලැබී තිබෙනවා. මාගේ නම භාවිතා කරමින් සියලුම ආකාරයේ අකටයුතු කම් සිදුකරන පිරිස් වලට එරෙහිව නිතිය ක්රියාත්මක කරන ලෙස නිතිය ක්රියාත්මක කරන ආයතන වලින් මා දැනටමත් ඉල්ලීමක් කර තිබෙනවා.
නිවැරදි නොවන දේශපාලන ක්රියාවන් කිසිවක් අනුමත නොකරන මා, සෑම අවස්ථාවකම ජනතාව සමග සිටි බව පසුගිය කාලය තුළ ක්රියාවෙන් ඔප්පු කොට ඇති අතර රටත්, ජනතාවත් රටට හිතැති මහජන නියෝජිතයිනුත් වෙනුවෙන් ඕනෑම අවස්ථාවක කොන්දේසි විරහිතව පෙනී සිටින බව ද මතක් කිරීමට කැමැත්තෙමි.
http://nr.lk/