CRICKETSPORTS

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පාකිස්තානයට යයි

පාකිස්තාන තරග සංචාරයට එක්වන ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (24) දිවයිනෙන් පිටත්ව යනවා.

ඒ සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් අනුමැතිය හිමිව ඇති බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ.

මෙම තරග සංචාරයේදී ශී‍්‍ර ලංකාව එක්දින තරග 3 කට සහ පන්දුවාර 20 තරග 3 කට සහභාගිවීමට නියමිතව තිබෙනවා. පාකිස්තානු තරග සංචාරයට එක්වන ශී‍්‍ර ලංකා කණ්ඩායමට රාජ්‍ය නායකයෙකුට සපයන ආරක්‍ෂාවක් ලබාදෙන බවයි පාකිස්තාන රජය ප‍්‍රකාශ කළේ. ශී‍්‍ර ලංකා – පාකිස්තාන පළමු එක්දින කි‍්‍රකට් තරගය ලබන 27 වැනිදා කරච්චි නුවරදී පැවැත්වීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button