BREAKING NEWSEXCLUSIVESMART UPDATE
ශ්‍රී ලංකාව සරම්ප සහ රුබෙල්ලා රෝග සම්පූර්ණයෙන්ම තුරන් කළ රටවල් අතරට..

සරම්ප සහ රුබෙල්ලා රෝගය ලෝකයෙන් තුරන් කිරීමේ ක්‍රියාදාමය සාර්ථක ලෙස නිම කළ අග්නිදිග ආසියාවේ පළමු රටවල් ලෙස ශ්‍රී ලංකාව සහ මාලදිවයින ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් නම් කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිළ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව ලොවට ප්‍රකාශ කරන ලදී. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කලේ ඉලක්ක ගත කාලයට පෙර ශ්‍රී ලංකාව සහ මාලදිවයින මෙම රෝග තුරන් කළ ඇති බවයි. 2023 වන විට කලාපයෙන් මෙම රෝග තුරන් කිරීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබිනි. නමුත් මෙරට අවසන් වරට රුබෙල්ලා රෝගියෙක් 2017 මාර්තු මාසයේත්, සරම්ප රෝගියෙක් 2016 මැයි මාසයේත් වාර්තා වී තිබිනි.එම නිසා රුබෙල්ලා සහ සරම්ප රෝග සම්පූර්ණයෙන් තුරන් කළ රටවල් අතරට අද සිට අප රටද එක් වනු ඇත.මෙය අපගේ සෞඛ්‍ය ක්ෂේත්රය ලැබු සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස හැදින්විය හැකිය.