CRICKETSPORTS

විස්සයි 20 තරගාවලියකට එන්නැයි ඉන්දියාව ශ්‍රී ලංකාවට ආරාධනා කරයි

ලබන ජනවාරි මාසයේදී 20 යි 20 තරගාවලියක් සඳහා එක්වන ලෙස ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය ශ‍්‍රී ලංකාවට ඇරයුම් කර තිබෙනවා. ඒ, එම කාල සීමාව තුල යොදා ගෙන තිබූ සිම්බාබ්වේ කණ්ඩායමේ තරග සංචාරය වෙනුවටයි.

සිම්බාබ්වේ කණ්ඩායමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය පසුගියදා තරග තහනමක් පැනවූයේ කි‍්‍රකට් පරිපාලනයට සිදු කෙරෙන දේශපාලන මැදිහත්වීම් හේතුවෙන්.

ඒ අනුව ලබන ජනවාරි මස 5, 7 සහ 10 යන දිනවල ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර 20 යි 20 තරග 03ක් පැවැත්වීමටයි ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය සැලසුම් කර ඇත්තේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button