විවෘත කිරීමට පෙර සියළු පාසල් විෂබීජහරණය කෙරේ

පාසල් ආරම්භ කිරීමට පෙර සියළු පාසල් විෂබීජහරණයට ලක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ සදහා පාසලට ආසන්න පළාත් පාලන ආයතනවල සහය ලබාගැනීමටයි තීරණය වී ඇත්තේ.
එමෙන්ම පාසල් ආරම්භ කිරීමේ දිනයට පෙර දිනයේ සෑම පාසලකම විදුහල්පතිවරයාගේ මූලිකත්වයෙන් දෙමව්පියන් යොදාගෙන ශ්‍රමදානයක් පවත්වා විදුහල් පිරිසිදු කළ යුතුයි.
පාසල තුළදී සිසුන්, ගුරුවරුන් මෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩලය අනුගමනය කළයුතු උපදෙස් අඩංගු ලිපියක් ලබන සදුදා දින පාසල් වෙත තැපැල් කර යවන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.
මේ අතර පාසල් ආරම්භය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසුවේ මෙවන් අදහසක්.
අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ පාසල් ළමුන්ට මුඛ ආවරණ පැළද පාසල් පැමිණෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කලහොත් ඒ සදහා දෙමාපියන් කටයුතු කළයුතු බවයි.
ලබන මැයි මස 11 වන සදුදා දින පාසල් යළි ආරම්භ කිරීමට දැනට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ඉකුත්දා ප්‍රකාශ කළේ.