BREAKING NEWSPOLITICS

වැඩ කාර්යක්ෂමදැයි බැලීමට ජනපති ගෝඨාභය රාජ්‍ය ආයතනයකට හදිසියේ කඩාවදියි

රාජ්‍ය ආයතනවල කටයුතු කාර්යක්ෂමව සිදුවේදැයි සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෑම රාජ්‍ය ආයතනයකටම නොදන්වා ගොස් එහි කටයුතු නිරීක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් අද සිට ආරම්භ කළා.

ඒ අනුව අද පළමුවෙන්ම ජනාධිපතිවරයා පැමිණියේ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවටයි.

එමදෙපාර්තමේන්තුවේ කටයුතු සොයාබැලීමේදී ජනාධිපතිවරයාට දැනගන්නට ලැබුණේ එම ආයතනය ඉතා කාර්යක්ෂමව ජනතාවට සේවා සපයන බවයි.

බිම් සවිය ව්‍යාපෘතිය ඉතා හොඳ ව්‍යාපෘතියක් වන බැවින් එම කටයුතු සර්ථකව ඉදිරියට ගෙන යාම සඳහා තම සහය ලබා දෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී නිලධාරීන්ට පොරොන්දු වුණා.

මේ අතර ඉදිරි දිනවලදී අනෙකුතු රාජ්‍ය ආයතනවලටද ජනාධිපතිවරයා නොදන්වා ගොස් එහි කටයුතු කාර්යක්ෂමව සිදුවන්නේ දැයි සොයාබැලීම සිදු කිරීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button