BREAKING NEWSEXCLUSIVE
වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්

වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා තවදුරටත් රටපුරා වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය පවසනවා.
පසුගිය 18වනදා සිට මේ දක්වා කාලයේදී පමණක් එැවැනි වැටලීම් 300කට වැඩි සංඛ්‍යාවක් සිදු කර තිබෙන බවයි ප්‍රකාශ කෙරුණේ.
උපරිම මිලක් නියම කර ඇති කහ වැඩි මිලට අලෙවි කිරීම සහ පොහොර වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන්ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය වෙත පැමිණිලි ලැබී තිබෙනවා.
ඒ අනුව ඒ සම්බන්ධයෙන්ද වැටලීම් ගණනාවක් ඉකුත් දිනවල සිදු කෙරුණු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.