BREAKING NEWSEXCLUSIVE
වන්දනාකරුවන්ට මක්කම තහනම් – සෞදි රජයෙන් තීරණයක්

වන්දනාකරුවන්හට මක්කම පුදබිමට සහ මෙඩීනා නගරයට ඇතුලුවීම සෞදි අරාබිය විසින් තාවකාලිකව තහනම් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එරට විදේශ සබඳතා අමාත්‍යංශය පැවසුවේ කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණීන් මෙම පියවර ගත් බවයි.
- වෛරසය ව්‍යාප්ත වී ඇති අනෙකුත් රටවලට සහයෝගය පළ කිරීමක් ලෙස මෙලෙස සිය රට ද අනුමත ජාත්‍යන්තර ප්‍රමිති ක්‍රියාත්මක කරන බවයි සෞදි රජය පැවසුවේ. එසේම නව කොරෝනා වෛරසය ව්‍යාප්තවී ඇති රටවල් වල සිට සංචාරක වීසා පදනම යටතේ සෞදි පැමිණීම ද තාවකාලිකව අත්හිටුවීමට සෞදි රජය තීරණය කර තිබෙනවා. නව කොරෝනා වෛරසය ව්‍යාප්තව ඇති රටවල සංචාරය කිරීමෙන් වළකින ලෙස ද සෞදි රජය එරට වැසියන්ට දැනුම් දී ඇත්තේ.කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේවනවිට ලොව පුරා රටවල් 48 කට ව්‍යාප්තවී තිබෙනවා. චීනය ද ඇතුළුව ලොව අනෙකුත් රටවලින් වාර්තා වන නව කොරෝනා මරණ සංඛ්‍යාව 2804 ක්. ලොව පුරා සිටින නව කොරෝනා ආසාධිතයින් ගණන 82184 ක් වනවා.