වගකීම් විරහිත පුද්ගලයෙකු නිසා තාරපුරම් ගම්මානයත් වසා දැමේ!

පුත්තලම මන්නාරම මාර්ගයේ පිහිටි මන්නාරමට අයත් තාරපුරම් ගම්මානය 8 දා සෞඛ්‍ය බලධාරීන් හා ආරක්ෂක අංශ විසින් වසා දමන ලදී.
මන්නාරම ප්‍රාදේශීය නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ එස්ගවිනෝදන් මහතා ප්‍රකාශ කලේ පසුගිය 18 වෙනිදා තාරපුරම් ප්‍රදේශයේ පැවති අවමංගල උත්සවයකට පුත්තලමේ සිට පැමිණි මුස්ලිම් ජාතිකයෙකු කොරෝනා රෝගයට ගොදුරු වී රෝහල් ගත කිරීමත් සමගම මේ තීරණය ගත් බවයි.
පුත්තලමේ සිට මන්නාරම තාරපුරම් ගම්මානයේ අවමංගල උළෙලට සහභාගී වූ පුද්ගලයා ඊට දින කීපයකට පෙර ඉන්දුනීසියාවේ සංචාරය කොට ආපසු පුත්තලමට පැමිණි අයෙකු බවට තොරතුරු වාර්තා වෙයි.
අවමංගල උළෙලට සහභාගී වීමට පැමිණි ඔහු තාරපුරම් ගම්මානයේ දින දෙකක කාලයක් රැදී සිට ආපසු පුත්තලමට යාමෙන් පසුව ඔහුට කොරෝනා රෝගය වැළදී තිබේ.
තාරපුරම් ගම්මානයේ ග්‍රාම සේවා වසම් දෙකක වැසියෝ මෙම අවමංගල උළෙලට සහභාගී වී ඇති අතර ඔවුන් සියලුම දෙනා ඔවුන්ගේ නිවෙස් වල තබා සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනය කිරීමටත් තාරපුරම් ප්‍රදේශයම විෂබීජ හරණයට ලක් කිරීමට්ටහ් තීරණය කොට තිබේ.
තාරපුරම් ගම්මානය තාරපුරම් මුස්ලිම් දේවස්ථානය අසලින් වසා දමා ඇති අතර එම ගම්මානයට කිසිවෙකුට හෝ ඇතුලු වීමට ඉඩ නොතබා යුද හමුදා මාර්ග බාධක යොදා ඇත.