ලාංකීය සිසුවෙන් නිර්මාණය කළ රැහැන් රහිත වෙද නළාව ජනපතිට හදුන්වා දෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේදී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තා. දළදා මාළිගාව වෙත ගිය ජනාධිපතිතුමා දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබූ අතර..
මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිතුමා,මල්වතු අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි සහ අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමිපාණන් වහන්සේලා බැහැ දුටු ජනාධිපතිතුමා සුහද පිළිසඳරක නිතර වුණා.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන වෙනුර විජේසේකර ශිෂ්‍යා විසින් නිර්මාණය කළ වෛද්‍ය උපකරණයක් (Stethoscope) මෙහිදී ජනාධිපති තුමන් වෙත හඳුන්වා දුන්නා. එහි විශේෂත්වය වනුයේ රැහැන් රහිත එකක් වීම හා රෝගීන්ට සමීප නොවී භාවිත කළ හැකි එකක් වීමයි.
මෙම අවස්ථාව සඳහා මල්වතු පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි මාහිමිපාණන් වහන්සේ ද වැඩමකර සිටියා.