BREAKING NEWS

ලංකාවේ තරුණයන් තිදෙනෙක් කොරෝනා රෝගීන්ට අත්‍යාවශ්‍ය ‘කෘතීම ශ්වසන යන්ත්‍රයක්’ නිපදවයි

කොරෝනා වෛරසය හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍යතා කාලයක් ලෙස මෙම කාලය හඳුන්වා දීමට පුළුවන.

එවන් මොහොතක ශ්‍රී ලංකාවේ තරුණ ‌වෛද්‍යවරයකු සහ ජෛව විද්‍යා ඉංජිනේරුවරුන් දෙදෙනෙකු විසින් කෘතීම ශ්වසන යන්ත්‍රයක් නිපදවා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මෙම නිර්මාණයට දායක වූ වෛද්‍ය ජිවක මෙලෙස අදහස් පළ කළා.

“පළමු ශ්‍රි ලාංකික කොරොනා රෝගියා වාර්තා වෙනකොටම මගේ ඔලුවට ආවේ ඉතාලියේ වගේ උනොත් අපිට මොකක් වෙයිද කියලා. ලංකාවටම ICU BEDS 500. සතියෙන් දෙකෙන් ලෙඩ්ඩු 1000-2000 එන්න ගත්තාම ventilators ගන්න වත් හදන්න වත් වෙලාවක් ඉතුරු වෙන්නේ නෑ. ලේසියෙන් හදාගන්න පුලුවන් setup එකක් තිබ්බා නම් ඉක්මනටම ventilators 1000-2000  හදාගන්න පුලුවන්.

උදාන මල්ලි තමයි මේකෙ ලොකුම වැඩක් කලේ. දවස් 5 කට අඩු කාලෙකින් concept එක prototype එකක් දක්වා ගේන්න පුලුවන් උනා.

ප්‍රධාන අරමුන උනේ ලොකු තාක්ෂණික ගැටලු නැතුව, ඉක්මනට හදාගන්න පුලුවන් නිර්මාණයක් කරන එකයි. මොකද කොරෝනා අපිට ලොකු කාලයක් දීලා නැති නිසා

මේකට තව air flow sensors දැම්මාම patient gag කලොත් හරි machine එක නතර උනොත් හරි error sound එකක් දෙනවා. එකත් මම හදාගෙන යනවා. PEEP එක දෙන්න පුලුවන් විදියට හදන්න try කරනවා”

මෙය තවත් වැඩි දියුණු කිරීමට ඔවුන් බලාපොරොත්තුවන අතර ඒ අදහස් යෝජනා අදහස් ඇත්නම් ඒ පිළිබඳව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිනවා.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button