BREAKING NEWSEXCLUSIVEPOLITICS
ලංකාවෙ කොරෝනා පැතුරුවේ ගෝඨාභය රාජපක්ෂ – ටිල්වින් සිල්වා

මෙරට කොරෝනා වසංගතය පාලනය නොකල බවත් ඒ වෙනුවට එය ව්‍යාප්ත කළ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සදහන් කරනවා. ඒ [29]ඊයේ ජාතික ජන බලවේගය සංවිධානය කළ රැස්වීමක් අමතමින්.
වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා, ” ඇත්ත ඒක නෙවෙයි සහෝදරවරුනි, කොරෝනා පාලනය කලේ එයා නෙමෙයි, කොරෝනා පතුරුවා හැරියෙ ලංකාව තුල ගෝඨාභය රාජපක්ෂ මහත්තයා, ඒක තමා ඇත්ත. ඒ කොහොමද, දැන් ලංකාවෙ කොච්චර ඉන්නවද කොරෝනා රෝගීන් , දෙදහ පැන්නනෙ, ඔය දෙදහෙන් දාහකට කිට්ටු ගානක්, නවසිය හැටක් විතර කවුද, නාවික හමුදාව. අපි අහන ප්‍රශ්නෙ නාවික හමුදාවට කොරෝනා හැදෙව්වෙ කවුද, චීන්නුද නෑ, ඕගොල්ලො අපිද නෑ, කවුද හැදෙව්වෙ , ගෝඨාභය රාජපක්ෂ”. ලෙසින් ප්‍රකාශ කලා..