සජිත් පිලේ දැඩි විරෝධය මැද සන්ධානයේ ලේකම් රාජිත සේනාරත්න

ජනපතිවරණයේදි එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ජය තහවුරු කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන කරගෙන පිහිටුවීමට නියමිත නව සන්ධානයේ ප්‍රධාන ලේකම් ධුරය සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න අමාත්‍යවරයාට ලබාදීමට තීරණය කර තිබේ.
අරලියගහ මන්දිරයේදී ඊයේ පස්වරුවේ රැස්වූ එම පෙරමුණේ පක්ෂ නායකයන් විසින් මේ බව තීරණය කර ඇත.
එජාප මහලේකම් ඇමැති අකිල විරාජ් කාරියවසම් මේ බව මාධ්‍යයට ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් පසුගිය කාලයේ නව සන්ධානයේ මහලේකම් ධූරය එක්සත් ජාතික පක්ෂයේ පුද්ගලයෙකුට ලබාදිය යුතු බව පවසමින් මෑතකදී සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම් දැඩි අරගලයක් ගෙන ගියේය.
රාජිත සේනාරත්න අමාත්‍යවරයාට එහි ප්‍රධාන ලේකම් ධුරය ලබා දීමට වූ යෝජනාවටද එම පිරිස් දැඩි විරෝධයක් ද පළ කළේය.
රාජිත අමාත්‍යවරයා පසුගිය එජාප අභ්‍යන්තර අර්බුධ සමයේ පෙනි සිටියේ රනිල් වික්‍රමසිංහ පාර්ශවයට වන අතර ඒ හේතුවෙන් පසුගියදා පැවැති කැබිනට් රැස්වීමේදි රාජිත අමාත්‍යවරයාට අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගෙන් පහර කෑමට සිදු වූ බවද වාර්තා වුනා.
තවදුරටත් කියවන්න : කොන්දේසි සහිත ජනාධිපති අපේක්ෂකත්වය සජිත් එපා කියයි.