රාජාංගනයේ තිදෙනෙකුට කොරෝනා, ළමුන් 70ක් ඇතුළු 300ක් ස්වයං නිරෝධනයට

ඊයේ වාර්තා වූ අවසන් ආසාදිතයන් තුන් දෙනා අතර සිටි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කල රාජාංගනයේ පදිංචි තවත් උපදේශකවරයෙක්ට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙනවා.
ඔහුගේ වයස අවුරුදු එක් හමාරක් සහ 11 හැවිරිදි දරුවන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුනා.ඒ අනුව ඔවුන්ගේ 11 හැවිරිදි පාසල් දරුවා ඇසුරු කළ අනුරාධපුර රාජාංගනය යාය ප්‍රදේශයේ ළමුන් 70 දෙනෙකුත් සහ පුහුනු උපදේශකවරයා සහභාගී වූ අවමංගල්‍ය නිවසක සිටි 150ක් ,දානයක් පැවති නිවසේ සිටි 80 දෙනෙකුත් ස්වයං නිරෝධනයට ලක් කර තිබෙනවා.
කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට ඥාතීන් බැලීමට ගිය පවුල් 116කට අයත් පුද්ගලයන් සහ සමීපතමයන් 441 ක් හදුනාගෙන තිබෙන අතර ඉන් 332 දෙදෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඇති අතර ඉතිරි 109 දෙනා මේ වන විට කන්දකාඩු වෙත රැගෙන යමින් පවතී..
එම පවුල් ඇසුරු කල වෙනත් පුද්ගලයන්ද සොයමින් ඔවුන් ස්වයං නිරෝධායනයට යොමු කිරීම මේ වන විට සිදු වෙමින් තිබෙනවා..