රනිල් සහ සජිත් කොළඹ දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඔහුගේ වසර විස්සක දේශපාලන මහගෙදර බදු දිස්ත්‍රික්කය වූ හම්බන්තොට දිස්ත්‍රික්කය අත් හැර එලබෙන මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ ඔහුගේ පියා තරග කළ පැරනි ආසනය ඌ මැද කොළඹ ආසනයෙන් මහමැතිවරණයට පිවිසීමට බලාපොරොත්තු වන බව ආරංචි මාර්ග සදහන් කරයි.මෙහි ඇති විශේෂත්වය නම් රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයාගේ ආසනයද මැද කොළඹ වීමයි.මෙවර ඔහුත් අගමැති සටන සජිත් ප්‍රේමදාස මහතාට ලබාදී මහමැතිවරණ සටනට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ප්‍රවිෂ්ට වීමට සූදානම්ව ඇත.එනම් එජාපයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාම කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වීමට වැඩි ඉඩකඩක් පවතී.
ගියවර ජනාධිපතිවරනයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ තිස්සමහාරාම ආසනයෙන් වර්ථමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජන්ද 91,577(62.55%) ලබා ගත් අතර සජිත් ප්‍රේමදාස මහතාට හිම් වූයේ ජන්ද 43,460(29.68%)ක් පමනි.එනම් සජිත් ප්‍රේමදාස මහතා තම ආසනයෙන් ජන්ද 48,117කින් පරාජය වීම මෙම කොළඹ දිස්ත්‍රික්කයේ ආගමනයට බලපා ඇති ප්‍රධානතම කරුනක් වන බවට දේශපාලන විශ්ලේෂකයයින් මත පල කර ඇත.