BREAKING NEWSEXCLUSIVEPOLITICS

රන්ජන් රාමනායක අත්අඩංගුවට!

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මීට මොහොතකට පෙර පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ භෞත චිකිත්සක යැයි හඳුන්වාගත් පුද්ගලයෙකු  ඇඳිරිනීති බලපත්‍ර නීතිරීති උල්ලංඝනය කරමින් මාදිවෙල මන්ත්‍රී නිවාස පරිශ්‍රයට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී පොලිසිය ප්‍රශ්න කිරීමට ලක්කළා.

එහිදී ඊට විරෝධය පළ කරමින් මැදිහත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පොලිස් රාජකාරියට බාධා කරන අයුරු දක්නට ලැබුණා.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට පිළියන්දල දක්වා වියළි ආහාර ප්‍රවාහනය කිරීමට යැයි පවසමින් ලබාගත් ඇඳිරිනීති බලපත්‍රයක් උපයෝගි කරගනිමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ භෞත චිකිත්සකයැයි හඳුන්වාගත් පුද්ගලයෙකු ඇඹිලිපිටියේ සිට පිළියන්දල දක්වා පැමිණ තිබුණේ අදාළ රථයේ වියළි ආහාර කිසිවක් නොමැතිව බව වාර්තාවනවා.

අදාළ පුද්ගලයා පිළියන්දල ප්‍රදේශයේ සිට මාදිවල මන්ත්‍රී නිවාස දක්වා ගමන් කිරීමට උත්සාහ කිරීමේදී මන්ත්‍රී නිවාසවලට ඇතුළුවන පරිශ්‍රයේදී පොලිස් පරීක්ෂාවට ලක්වුණා.

එහිදී ඇඳිරිනීති බලපත්‍ර උල්ලංඝනය කර ඇති බවට අනාවරණවීමත් සමඟ පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

එම අවස්ථාවේදී එහි පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අදාළ සිද්ධියට මැදිහත් වෙමින් පොලිස් රාජකාරියට බාධා කරන අයුරු මෙලෙස දක්නට ලැබුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button