BREAKING NEWSEXCLUSIVEPOLITICS

රජයට බලයක් නැහැ නිවාඩුවක් නොමැති දවසට පුද්ගලික අංශයට නිවාඩු දෙන්න, අපිට කළ හැක්කේ උපදෙස් දෙන්න පමණයි. -බන්දුල ගුණවර්ධන –

මේ අවස්තාවෙ පැතිර යන කටකතා සම්බන්ධයෙන් Lanka Mag කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතාගෙන් විමසීමක් කළා.

ඇතැම් වෙබ් අඩවි වල පළවන රටම වසා දැමීමේ කටකතාව සහ, හෙට දින නිවාඩුව පුද්ගලික අංශයට නිවාඩු නැතැයි යන කටකතාව පිළිබඳව මෙහිදි පැහැදිලි කෙරුණා.

“රට වහන්න යනවා කියන එක සම්පූර්ණ අසත්‍යයක්.රජයට සහ බැංකු වලට නිවාඩු දීලා තියෙනවා.

රජයට බලයක් නැහැ නිවාඩුවක් නොමැති දවසට පුද්ගලික අංශයට නිවාඩු දෙන්න, අපිට කළ හැක්කේ පුද්ගලික අංශයට උපදෙස් දෙන්න පමණයි,

ඒ අනුව අප උපදෙස් දීලා තියෙනවා පුද්ගලික අංශයට හෙට නිවාඩු දෙන්න කියලා.

අවසන් තීරණය ගත හැක්කේ සමාගම් හිමිකරුවන්ට, රජය වශයෙන් අප ඉල්ලීම් කර, උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව බොහෝ පුද්ගලික සමාගම් හෙට නිවාඩු දෙන බවට රජයට සහතික වී තිබෙනවා, 99%ක්ම පුද්ගලික සමාගම් හෙට නිවාඩු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මහජනතාවගේ සහයක් නොමැතිව අපිට හැකියාවක් නෑ හැම දෙයක්ම පාලනය කරන්න, එය මිනිසුන් සතු දෙයක්,

උදාහරණයක් ලෙස රජයට හැකියාවක් නෑ සිරීපාදය වසා දමන්න, ජනතාව බුද්ධිමත් විය යුතුයි මේ අවස්තාවේ එවැනි තැන් වලට නොයා යන්න..”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button