BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

යුධ හමුදා සෙබලුන් දෙදෙනෙකුට සහ පාසල් දරුවෙකුටත් කොරෝනා

දෙහිඅත්තකන්ඩියේ සේරුපිටිය සහ දියඉබ්බාගම ප්‍රදේශ වලින් කොරෝනා රෝගීන් දෙදෙනෙක් වාර්තා වී තිබෙනවා.

ඔවුන් නිවාඩු ලබා ගොස් සිටි, කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සේවය කළ යුධ හමුදා සෙබළුන් දෙදෙනෙක් වන බවයි දෙහිඅත්තකන්ඩිය සෞඛ්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.මෙම හමුදා සෙබළුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති බවයි දෙහිඅත්තකන්ඩිය සෞඛ්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් කියා සිටින්නේ.දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකින් වාර්තා වූ කන්දකාඩු කොරෝනා පොකුරේ ආශි‍්‍රතයින් සම්බන්ධයෙන් සිදුකළ PCR පරීක්‍ෂණවල වාර්තා අද දිනයේ ලැබීමට නියමිතයි.

ඒ අතරට රාජාංගණයේ දරුවන් 90 දෙනාගේ සහ හබරාදූවේ දරුවන් 25 දෙනාගේ හා ගුරුවරුන්ගේ ප‍්‍රතිඵලද අයත්. රාජාංගණයේ පමණක් 300 කට වැඩි පිරිසක් නිරෝධායනයට ලක් කිරීමටයි පියවර ගෙන තිබෙනවා.මෙරට පළමුවරට පාසල් දරුවෙකුට කොරෝනා ආසාදනයවීමේ පුවතක් ඊයේ වාර්තා වූයේ රාජාංගණය යාය 05 ප‍්‍රදේශයෙන්.

මෙම දරුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින 11 හැවිරිදි වියේ පසුවන අයෙක්. කන්දකාඩු මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ මෙම දරුවාගේ පියාට පළමුව කොරෝනා වෛසරය ආසාදනය වී තිබුණා.ඔහුගේ අවුරුදු එකහමාරක වියේ පසු වූ තවත් දරුවෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි ඊයේ තහවුරු වුණේ. මෙම පුද්ගලයා සහ වැඩිමහල් දරුවා සමීපව ඇසුරු කළ පිරිස් සොයා ගැනීමේ අරමුණින් රාජාංගණය ආශි‍්‍රත ප‍්‍රදේශවලට සංචරණ සිමා පනවා ඇති බවයි අනුරාධපුර ප‍්‍රාදේශීය වසංගත රෝගවේද වෛද්‍ය තේජන සෝමතිලක මහතා පැවසුවේ.

ඔහු කියාසිටියේ අද දිනයේ ලැබෙන PCR පරීක්‍ෂණ වාර්තාවලින් පසු රාජාංගණය ප‍්‍රදේශය ආශි‍්‍රතව ගත හැකි සීමා තීරණය කිරීමට හැකිවෙනු ඇති බවයි.ඒ අනුව අනුරාධපුර ප‍්‍රාදේශීය වසංගත රෝගවේද වෛද්‍ය තේජන සෝමතිලක වැඩිදුරටත් සඳහන් කළේ රාජාංගණය ප‍්‍රදේශයේ දරුවන් 90 ක් සහ පවුල් 150 කට වැඩි සංඛ්‍යාවක් ස්වයං නිරෝධායනයට ලක් කරන බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button