මෛත්‍රීපාල සිරිසේන හා සමගි ජන බල වේගය අතර සාකච්ඡා – ජන්දෙන් පසු එකතු වීමක්?

ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ශවය හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ පාර්ශවය අතර තිරයට පිටුපසින් රහස් සාකච්ඡා වටයක් සිදුවෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.
මෙහි පළමු හමුව සිදු වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දායාසිරි ජයසේකර හා සමගි ජන බලවේගයෙන් ජාතික ලයිස්තුව නියෝජනය කරන හරීන් ප්‍රනාන්දු සමගයි. එම හමුවේ දිගුවක් වශයෙන් මෙම සාකච්ඡා සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පාර්ශවය නියෝජනය කරන හරීන් ප්‍රනාන්දු ඊයේ (31) දින පොළොන්නරු ප්‍රදේශයටම ගොස් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව හමුවී තිබෙනවා.
ඒ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා, මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව මෙම මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ලබා ගනීනම් එම බලය අවම කිරීම සඳහා ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගයට පාර්ලිමේන්තුව තුල සහය දැක්වීම යන කරුණ ගැන සාකච්ඡාවට ගනිමිනුයි.
මේ සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීමට සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ඉදිරි දිනකදි තම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වැඩිදුරටත් දැනගන්නට ලැබෙන්නේ.