BREAKING NEWSEXCLUSIVEPOLITICS
මිනිසුන් මරා කිඹුලන්ට කන්න දමනු ඇසින් දුටු සුදු වෑන් රියදුරු සොයා පොලිස් පරීක්ෂණ… අල්ලන්න බැරිවුනොත් රාජිත අත්අඩංගුවට..

ආරක්ෂක ලේකම්ව සිටියදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකින් සුදු වෑන් වලින් ජනතාව පැහැරගෙන ගොස් මරා දමා කැබලි කර කිඹුලන්ට කන්න දැමුවේ ඇයි හෙළිදරව් කළ සුදු වෑන් රියදුරු කියූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිරීය විසින් පරීක්ෂණ අරඹනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේය.
ඔහු අත්අඩංගුවට ගැනීමට අපහසු වුවහොත් එම මහා හෙළිදරව් කරන ලද රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට සිදුවනු ඇති බවද පැවසීය.
එස හෙළිදරව්ව සම්බන්ධයෙන් පොලිසිය විසින් පරීක්ෂණ සිදු කරනු ඇති බවත් ඒ සම්බන්ධයෙන් වගකිවයුත්තන් අත්අඩංගුවට ගෙන නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරනු ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.