BREAKING NEWSPOLITICS
මින්පසු උතුරේ කොටි සැමරුම් බෑ..රටේ තිබිය යුත්තේ එක නීතියයි – ජනපති ආරක්ෂක අංශ දැනුවත් කරයි…

නොවැම්බර් 27 දාට යෙදෙන මියගිය කොටි සැමරීමේ උත්සවය මෙවර පැවැත්වීම සඳහා ඉඩ ලබා නොදීමට ආරක්ෂක අංශ තීරණය කර තිබේ.
කොටි සංවිධානය තහනම් සංවිධානයක්ව තිබියදී, අදාළ නීති උල්ලංඝණය කරමින් යහපාලන ආණ්ඩු සමයේ කොටි සැමරීම සිදුකළ ද මෙවර එසේ සිදුකිරීමට කිසිදු අවස්ථාවක් නැතැයි ද පෙන්වා දේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද පසුගියදා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී තිබුණේ රටේ සියල්ලන්ටම පොදු එක නීතියක් ක්රියාත්මක කිරීමට කටයුතු සකස්නරන බවටය.
පසුගිය සිව් වසරක් පුරාම කොටි සැමරුම් උත්සව උතුරු – නැගෙහිර ප්රදේශවල මහාපරිමාණයෙන් පවත්වා තිබූ අතර එය මෙරට නීතිය උල්ලංඝනය කිරීමක් බවද ආරක්ෂක අංශ පෙන්වා දේ.
පසුගිය වසරවල දී මෙන් ඔවුන් නැවතත් කොටි සැමරුම් උත්සවයකට සූදානම් වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වීමත් සමග ආරක්ෂක අංශ සිය ස්ථාවරය අදාළ අංශ වෙතට දැනුම් දී තිබේ.