මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සිදුවන බවට පැමිණිල්ලක්

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සිදුවන බවට මැතිවරණ කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණි.
ඒ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සුරැකීමේ සංවිධානය විසින්ය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවක පිරිසකට ලබා දුන් පත්වීම් මැතිවරණ නිති උල්ලංඝනය කරමින් ස්ථීර කිරීමේ සුදානමක් ඇති බවට මැතිවරණ කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණි.
ඒ ජාතික නිවාස අධිකාරීය සුරැකීමේ සංවිධානය විසින්ය.
එමෙන්ම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ නීති කඩකරමින් වීරවිල ප්‍රදේශයේදී ජනතාවට සිමෙන්ති බෙදා දීමක් සිදුකරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ චෝදනාවක් එල්ල කළේය.
මේ අතර අද තිස්සමහාරාම ප්‍රදේශයේ විහාරස්ථානයකදී ජනතාවට සිමෙන්ති බෙදා දීමක් සිදු කෙරුණු අයුරු ද වාර්තා වුණි.
මේ අතර අණ්ඩුව විශාල ලෙස මැතිවරණ නීති කඩ කරන බවට අදත් විපක්ෂය චෝදනා කළේය.