BREAKING NEWSEXCLUSIVE

මැතිවරණ කොමසාරිස් එජාපය වෙනුවෙන් පෙනි සිටියි – නාමයෝජනා කැන්සල් කරවන්න අලුත් සැලසුමක්!

පාර්ලිමේන්තු මැතිවරණය සදහා නාම යෝජනා බාරගත් මාර්තු 17-18-19 යන දිනයන් රජයේ නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් නාම යෝජනා බාර ගැනීම නිත්‍යානුකුල නොවෙන බව දක්වමින් ඒ පිලිබදව නීතිපති වරයාගෙන් උපදෙස් ලබා ගැනීමට මැතිවරණ කොමිසම කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මැතිවරණ කොමිසමේ සාමාජික හුල් නැමැත්තා විසින් දිගින් දිගටම මැතිවරණය සදහා නාම යෝජනා නැවත කැදවිය යුතු බවත් මැතිවරණය තව දුරටත් කල් දැමිය යුතු බවත් දක්වමින් සිටියි ඒ අතර විපක්ෂය විසින් පැරණි පාර්ලිමේන්තුව කැදවීමේ කුමන්ත්‍රනය ආරම්භ කොට ඇත.

කොරෝනා වසංගතය ඉවත් වන තුරු මැතිවරණය කල් දැමීම පිලිබදව ජනතාවට කිසිදු ගැටළුවක් නොමැති නමුත් බාරගත් නාම යෝජනා නැවත කැදවීම සදහා කටයුතු කිරීම මගින් හුල් බලාපොරොත්තු වන්නේ ඉදිරියේදී හංසයා ලකුණින් අනුර කුමාර සජිත් ප්‍රේමදාස.රනිල් වික්‍රමසිංහ මනෝ ගනේෂන් රිෂාඩ් බදුර්දීන්.සුමන්ත්රින්.රවුෆ් හකීම් ඇතුළු කණ්ඩායම එකම සන්ධානයක් යටතේ තරග කරවීමේ උවමනාව සැපිරීමට බව ද දැනගන්නට ලැබී ඇත.

එජාපයේ අර්බුධය විසදා ගැනීමටත් මේ තුලින් හැකි බව ඔවුන් විසින් විස්වාශ කරන අතර පුළුල් සංධානයක් හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක්ද සමග මැතිවරණයට ඉදිරිපත් වීමෙන් අඩුම තරමේ මන්ත්‍රී ධුර 100 ක් හෝ දිනා ගැනීම ඔවුන්ගේ සැලසුම වී ඇත.

ඉන්පසු අමාත්‍ය ධුර නොලැබෙන කණ්ඩායම් සමග සාකච්චා කොට ආණ්ඩුව පෙරලා දමා හිතවාදී අයෙක් අග්‍රාමාත්‍ය වරයා බවට පත් කිරීම ඔවුන්ගේ අභිලාශය වී ඇත.කුමන්ත්‍රණ ගණනාවක පිටුපස සිටින්නේ ස්වාධින බව කියන මැතිවරණ කොමිසම බව නම් පැහැදිලිවම ඔප්පු වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button