BREAKING NEWSEXCLUSIVEPOLITICS
මහජන සාමය පත්වා ගැනීමට ත්රිවිධ හමුදාවට බලය පැවරීම තවත් මාසයකින් දීර්ඝ කෙරේ

රට පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්රිවිධ හමුදාවට බලය පැවරීම තවත් මාසයක කාලයක් සඳහා දීර්ඝ කර ඇත.
ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.
හදිසි නීතිය ඉවත් කිරීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරුණු අතර, පසුව මාසිකව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරේ.