BREAKING NEWSPOLITICSVIRAL NEWS

“මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදාව යෙදවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කරයි”

සියළු දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදා සාමාජිකයන් රාජකාරීවල යෙදවීම සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කර තිබෙනවා.

ඒ, මහජන ආරක්ෂක පනතින් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතලවලට අනුවයි. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, යාපනය, වව්නියාව ඇතුළු පරිපාලන දිස්ත්‍රික්ක 25හේම ආරක්ෂාව සදහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යෙදවීමට හැකි වනු ඇති.

හදිසි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව මෙලෙස මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා විසින් දිවයිනේ ආරක්ෂාව උදෙසා යුද, නාවික සහ ගුවන් හමුදා කැදවීම සිදුකරනු ලබනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button