OFF ROADSMART UPDATE

මවුබිමට කළ සේවය රණවිරුවන් අතින් ඇගයෙයි – දිනේෂ් චන්දිමාල්ට මේජර් තනතුර.!

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් යුධ හමුදාවට බඳවා ගැනීමට නියමිත බව වාර්තා වෙනවා.

ඒ යුධ හමුදා ක්‍රීඩා සමාජයෙ ක්‍රීඩා කිරීමට දිනේෂ් චන්දිමාල් තෝරා ගැනීම හේතුවෙන්.

ඒ අනුව දිනේෂ් චන්දිමාල් නුදුරේදීම යුධ හමුදා සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීමට නියමිතව ඇත.

මෙහිදී දිනේෂ් චන්දිමාල් සිය මවුරට වෙනුවෙන් කළ සේවය අගයා ඔහුට යුධ හමුදාවේ “මේජර්” තනතුර ලබා දීමට නියමිත බවද වාර්තා වේ.

දිනේෂ් චන්දිමාල් යොවුන් ක්‍රීඩකයෙක් කළ සිටම ප්‍රසිද්ධව සිටින්නේ දේශප්‍රේමී ක්‍රීඩකයෙක් ලෙසිනි. වරක් ජාතික කණ්ඩායම වෙනුවෙන් ඉන්දීය ප්‍රීමියර් ලීගය ප්‍රතික්ෂේප කළ ඔහු, 2014 වසරේදී කණ්ඩායම් නායකත්වය ස්වේච්ඡාවෙන් අත්හැරීමට ගත් තීරණය ප්‍රේක්ෂකයන් අතර දැඩි ගෞරවයට හේතු විය.

දිනේෂ් චන්දිමාල්ගේ එවන් හැසිරීම් ඔහුට යුධ හමුදාවේ කොමිෂන්ලත් නිළධාරී තනතුරක් ලබා දීමට බලපා තිබෙන බවද වාර්තා වේ.

හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝණිද දැඩි දේශප්‍රේමී ක්‍රීඩකයෙක් ලෙස ප්‍රසිද්ධ අතර ඔහුටද එරට යුධ හමුදාවෙන් මෙලෙස ගෞරවයට ලක් වුනා. ඒ අනුව චන්දිමාල් මෙලෙසට හමුදා සේවයට බඳවා ගත් පසු වත්මන් ක්‍රීඩා පිටියේ මෙම ගෞරවය ලත් ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ දෝණි සහ චන්දිමාල් වීමද විශේෂත්වයකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button