BREAKING NEWSEXCLUSIVE
මත්පැන් හල් අසල දීර්ඝ පොලිම් – මිලදී ගන්නන් සෞඛ්‍ය නිර්දේශ තිතටම රකී!

දිස්ත්‍රික්ක 4ක හැර සෙසු සියලු දිස්ත්‍රික්කවල අද දිනයේ ඇඳිරි නීතිය ලිහිල් කරන ලදී.
අද දිනයේ බෝහෝ ප්‍රදේශවල ජනතාව මත්පැන් හල අසල දීර්ඝ වශයෙන් පෝලිම් සැදී සිටිනු දවස පුරාම නිරීක්ෂණය කළ හැකිවිය.
බොහෝ පුද්ගලයන් මිලට ලබාගත හැකි උපරිම සීමාවෙන් මත්පැන් ලබා ගැනීමට කටයුතු කලහ.
ඔවුන් සඳහන් කළේ නැවත ඇදිරිනීතිය පනවාවි යයි සැකයෙන් මෙසේ වැඩිපුර ලබා ගන්නා බවයි
මේ අතර මත්පැන් අලෙවිසැල් කිහිපයන්ම පැවසුවේ වැඩි වශයෙන් අලෙවි වන මත්පැන් වර්ග කිහිපයක හිගයක් අද පස්වරුව වන විට ඇති වූ බවයි.