BREAKING NEWSPOLITICS

මංගලගේ මඩ මාධ්‍ය මෙහෙයුම ප්‍රබල වේ – ඒකාබද්ධයේ මාතර ප්‍රබලයාටත් මඩක්!

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන සැලකෙන්නේ වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරනා දූෂණ හෝ අක්‍රමිකතා චෝදනා ඉල්ල නොවූ දේශපාලඥයන් සුළුතරයෙන් කෙනෙක් ලෙසය. වත්මන් රජයේ දූෂණ වලට එරෙහිව මහින්දා යාපා උසාවි ගියා මිසක, යහපාලන දඬයම් මන්දිරය වූ FCIDයේ පවා ඔහුට විරුද්ධව එක පැමිණිල්ලක් නැත.

ඒ හේතුව නිසාම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ඒ මහතා, එක්සත් ජාතික පක්ෂ මඩ යාන්ත්‍රණය විසින් නිර්මාණය ක්‍රනා අසත්‍ය මඩ ප්‍රචාරයන්ගේ ඉලක්කයක් වීම පහසුවෙන් වටහා ගත හැකි කරුණකි.

මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරනා එජාප අමාත්‍ය මංගල සමරවීරගේ මුදල් වලින් නඩත්තු වන “අනිද්දා” නම් පුවත්පත මහින්ද යාපා ඉලක්ක කර අසත්‍ය ප්‍රවෘත්තියක් ප්‍රචාරය කර තිබෙනු දුටුවෙමි.

ජනපතිවරණයේ මාතර දිස්ත්‍රික්කය වෙනුවෙන් ඇතිව තිබෙනා සටනේ ගෝඨාගේ කඳවුරේ ප්‍රමුඛ සටන්කරු මහින්ද යාපාය. එජාපය වෙනුවෙන් මාතර නියෝජනය කරන්නේ මංගලය. මංගලගේ මඩට මහින්ද යාපා ඉලක්ක වන්නේ එලෙසය.

මාධ්‍යවේදියෙකු යැයි තමා විසින්ම කියාගන්නා මංගල සමරවීරගේ මඩ කල්ලියේ නියෝජිතයෙක් වන තරිඳු උඩුවරගෙදර නම් පුද්ගලයා අනිද්දා පුවත්පතට මහින්ද යාපා ගේ ප්‍රකාශයක් විකෘති කරමින් ලිපියක් ලියා තිබෙනු සමාජජාලා මාධ්‍යවල හුවමාරු වෙමින් තිබෙනු දැකගත හැකි විය.

එමගින් දැක්වෙන්නෙ පාස්කු ප්‍රහාරය පිළිබඳව තමන් දැනුවත් කළද තමන් ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තා යැයි මහින්ද යාපා විසින් ප්‍රකාශ කළ බවය. එය හතර බීරි කතාවකි. දැනුවත් කළද ක්‍රියාමාර්ග ගැනීමට මහින්ද යාපා ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයෙක් වූයේ නැත. කොටින්ම ශ්‍රීලනිපයේ පිරිසක් ඇමතිකම් දරමින් කටයුතු කළ සමයේ පවා මහින්ද යාපා කටයුතු කළේ විපක්ෂයේ සිටිමිනි.

එබැවින් මේ පිළිබඳව තහවුරු කර ගැනීමට Lanka Mag මහින්ද යාපා ඇමතුවෙමි. ඒ අනුව හෙළිවූයේ සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක් බවය.

අප කළ විමසීමේදි මහින්ද යාපා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ එවැනි කිසිදු ප්‍රකාශයක් ඔහු විසින් සිදු නොකළ බවය.

අවදානම් තත්ත්ව පිළිබඳ අනතුරු ඇඟවීම් මන්ත්‍රී ආරක්ෂක අංශයට මාස් පතාම ලැබෙනා බවත්, ආරක්ෂක අංශ නිළධාරීන් එම තොරතුරු මන්ත්‍රීවරුන් සමඟ හුවමාරු කර නොගෙන අවශ්‍ය පියවරයන් පමණක් ලබා ගන්නා බවත් මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.

මැතිවරණයක් අභියස මංගල සමරවීරගේ කළු සල්ලි වලින් නඩත්තු වන, මඩ මාධ්‍ය දඩ බල්ලන් වන තරිඳු උඩුවරගෙදරලා ලිහා දැමීමේ මංගලලාගේ අරමුණ පැහැදිලිය.

මහින්ද යාපාලාගේ ක්‍රියාකාරීත්වය හමුවේ මෙවර මාතර පොහොට්ටු සමස්ත ප්‍රතිශතය 60% ඉක්මවීම අනිවාර්ය කරුණකි.

සජිත් ප්‍රේමදාසට තමන් නියෝජනය කරනා මාතර දිස්ත්‍රික්කයෙන් හිමිව්න මෙම අන්ත පරාජය අවම කර ගැනීමේහෝ අරමුණින් මංගල සමරවීර මාතර ගෝඨාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙන මහින්ද යාපාලා වෙත සිය දඩ බල්ලන් උසි ගන්වා තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නොනිල පුවත් පත වන, රට පුරාම පිටපත් දහසක් හෝ නොවිකෙණෙන පාඩු ලබන එහෙත් කලු සල්ලි යොදවා ක්‍රියාත්මක කරවන “අනිද්දා” මඩ පුවත්පතේ තිරය පසුපස හිමිකරු මංගලය.

මෙම පුවත්පතේ කර්තෘ ලසන්ත රුහුණගේගේ සිට තරිදු උඩුවරගෙදරලා දක්වා මඩකරියන් වැටුප් ලබාගෙන කා බී සිටින්නේ මංගලගේ කලු සල්ලි වලිනි. එනම් ඔබ අපගේ බදු මුදල් වලිනි.

මහින්ද යාපා ඉලක්ක කර අසත්‍ය මඩ ප්‍රචාරය ලියූ තරිදු උඩුවරගෙදර මෙන්ම ඔහුගේ පෙම්වතිය රේඛා නිලුක්ෂී හේරත්ටද රැකියාවක් ලැබී ඇත්තේ මංගලගේ මඩ පුවත්පතේය. තරිදු උඩුවරගෙදරලා මංගලලාගේ මඩ යාන්ත්‍රණය වෙත මෙතරම් කැපවෙන්නේ එබැවිනි.

කෙසේ වෙතත් මෙවන් අසත්‍ය ප්‍රචාරයන් පතුරවන, දේශපාලකයන්ගෙන් මුදල් ලබා ගෙන රට ගිනි තියනා මඩකරියන් සහ දඩ බල්ලන්ට එරෙහිව එළඹෙන ශිෂ්ඨ රටකදී නීතිය ක්‍රියාත්මක විය යුතු බව නම් නියතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button