BREAKING NEWSEXCLUSIVE

භික්ෂූන් වහන්සේලා සහ අන්තවාදී ආක්‍රමණිකයන් අතර දෙවනගල පූජා භූමියේ උණුසුම් තත්ත්වයක්

ඓතිහාසික දෙවනගල පූජා භූමියට අයත් බිම් කොටසක් එළි පෙහෙලි කරන ලද පුද්ගලයෙක් නිසා අද (04) දෙවනගල ඓතිහාසික පූජා භූමිය තුල උණුසුම් තත්වයක් ඇති විය.

දෙවනගල ඓතිහාසික පූජා භූමියේ සංඝාවාසයේ සිට දෙවනගල ගල් පර්වතයේ පුදබිමට දහවල් දානය රැගෙන ගිය භික්ෂුවට පුදබිමට ගොඩ වෙන ගල් පඩි පෙළේ එක් පැත්තක කැලය කපා සුද්ධ පවිත‍්‍ර කරන පුද්ගලයෙකු හමු වි ඇත. පසුව උන් වහන්සේ එම පුද්ගලයාට පවසා ඇත්තේ මෙ වන විට පූජා භූමිය සම්බන්ධයෙන් ගැටලූවක් පවතින නිසාත් අද දිනයේ ඇදිරි නිතීය පැවැත්වෙන දිනයක් වන නිසා මෙම කටයුත්ත සිදු නොකරන ලෙසයි.

නමුත් එම පුද්ගලයා පවසා ඇත්තේ මෙම ඉඩම් පූජා භූමියට අයිති ඉඩකඩම් නොවන බවත් විහාරස්ථානයට අවශ්‍ය නම් මුදල් දි ලබා ගත හැකි බවයි. අද දිනයේ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් මහානායක ස්වාමින් වහන්සේලා බැහැ දැකිම සඳහා ගොස් ඇති නිසා උන්වහන්සේගෙන් අවසරයක් ලබා ගෙන පූජා භූමියට අයිති ඉඩකඩම් සුද්ධ පවිත‍්‍ර කර ගන්නවා නම් එය සිදු කර ගන්නා ලෙස බුද්ධ පූජාව රැගෙන ගිය හිමියන් පවසා තිබුණි.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වු විහාරස්ථානයේ වැඩ වාසය කරන නේවාසික හිමියන් වන සියඹලාපියේ මුදිත ස්වාමින් වහන්සේ.

අද දහවල් අපේ දෙවනගල පුජා භූමියට සංඝාවාසයේ සිට දානය රැගෙන යන අවස්ථාවේ මම දැක්කා අපේ පන්සලට යන්න තියෙන පඩි පෙළ අසල ඉඩමේ සුද්ධ පවිත‍්‍ර කරමින් සිටි කෙනෙක් දැක්කා මම ඇසුවා මේ පන්සලේ ඉඩමේ මොකද කරන්නේ කියලා ඇසුවාට පස්සේ කිවා ඒවා එයාලාගේ ඉඩම් කියලා. පන්සලට මේවායේ අයිතියක් නැති බවත් අයිතිය තහවුරු කරමින් අපට තර්ජනය කරන්න යෙදුනා අපට අයිතියක් නැහැ කියලා.

වෙනදා දානය අරන් පුදබිමට වඩින්නේ අපිටත් වඩා පුංචි හාමුදුරුවන් වහන්සේලා ඒ නිසා උන්වහන්සේලාට කරදරයක් වුනොත් අපි මේ දේවල් කතා කරලා වැඩක් නැහැ. මේ විදිහටම පසුගිය මැයි 24 වැනිදාත් මාධ්‍ය කණ්ඩායම් වලට බාධා කලා, මැයි 31 වැනිදාත් විහාරස්ථානයට ඇවිත් යම් යම් බාධාවන් කලා, අද 04 වැනිදාත් තර්ජනය කිරිම් සිදු කලා මේ සියලූ දේවල් කරන්නේ ඇදිරි නිතීය දවස් වල ඒ නිසා මේ අයට නිතීය ක‍්‍රියාත්ම විමට පොලිසිය මේ තරම්ම පසු බට වෙන්නේ කුමක් නිසාදැයි උන්වහන්සේ වගකිව යුත්තන්ගේ අවදානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් නිතීය රකින් පොලිසියේ සමහර උසස් පොලිස් නිලධාරින් පසුගිය යහපාලන රජයේ ඇමැතිවරුන්ගේ උවමනාවට ඒ අයගේ ගමන් මග ශක්තිමත් කිරිමට පත් කර ගත් උදවිය නිසා සෑම විටම නිතීය ක‍්‍රියාත්මක වන්නේද එම දේශපාලන සමාජිකයින්ගේ උවමනාවට වන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විහාරස්ථ දායක සභාවද මේ සම්බන්ධයෙන් සොයා බැලිමට අප විහාරස්ථානයට ගිය අවස්ථාවේ පැවසිය. මෙම ගැටලූව තව තවත් ඉදිරියට ඇදගෙන යෑමෙන් සිදු වන්නේ අවසානයේ ජිවිත හානියක් කර හෝ නැති ජාතිවාදයක් අසමිගියක් අවුස්සා මේ ගැටලූව තව තවත් කැඳහැලියක් කර මෙම පුරාවිද්‍යා බිම විනාශ කර දැමිම බොහෝ අයගේ අරමුණක් වන නිසා එය එසේ සිදු කරවිම වලක්වා දෙන ලෙස වගකිව යුත්තන්ගේ අවදානය යොමු කරන ලෙස ද ඉල්ලා සිටි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button