BREAKING NEWSPOLITICS

බලය ඇති කල හොද යාළුවෙක්, හිටපු ජනපතිට එරෙහිව අධිකරණයේ නඩු දමයි..

තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරමින් ඇති බව වාර්තා වන බවත් එවන් කටයුත්තක් සිදු වුවහොත් තමන් ඊට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා සඳහන් කරයි.

කෙසේනමුත් මන්ත්‍රී ධුරය ඉවත් කිරීමක් සම්බන්ධයෙන් මෙතෙක් තමන්ට දැනුවත් කර නැති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තමන් මේ වන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී නැති බවත් පක්ෂ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් වූ සාමාජිකයකු පවා නිසි ලෙස ගෙවා ඇති බවත් ඔහු කියා සිටියේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුව පැමිණීම සඳහා තමන්ගේ මන්ත්‍රීධූරය ඉවත් කිරීමට උත්සාහ කරමින් සිටින බව ද ඔහු චෝදනා කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button