BREAKING NEWSEXCLUSIVE

පළමු වරට කොරෝනා ආසාධනය වූ ව්‍යාඝ්‍රයෙක් හමුවෙයි

ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටා ඇති Bronx සත්ව උද්‍යානයේ සිටින සිව් හැවිරිදි ව්‍යාඝ්‍රයෙකුට කොරෝනා වෛරසය වැලදී ඇති බව වාර්තා වනවා.

එරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික පශු වෛද්‍ය විද්‍යාගාරය ප්‍රකාශ කරන්නේ මිනිසුන් අතරේ මේ වන විට සිඝ්‍රයෙන් ව්‍යාප්ත වන වෛරසරය ව්‍යාඝ්‍රයෙකුට වැලදී ඇති බවට වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි.

Nadia ලෙසින් සුරතල් නාමයෙන් ආමන්ත්‍රණය කළ මෙම ව්‍යාඝ්‍රයා ඔහුගේ සොහොයුරිය වන Azul, සයිබිරියානු ව්‍යාඝ්‍රයින් දෙදෙනෙක් සහ අප්‍රිකානු සිංහයින් තිදෙනෙකුට වියළි කැස්සක් ලෙස මුලික රෝග ලෙස පහළ වූ බවයි සත්ව උද්‍යාන අධිකාරිය පවසන්නේ.

රෝග ලක්ෂණ ලෙස ආහාර අරුචිය ශ්වසන ආබාධය සත්ව උද්‍යානයේ සතුන් කිහිපදෙනක්ම පෙන්නුම් කර ඇති අතර Nadia නම් ව්‍යාඝ්‍රයා ගේ නියැදි ආශ්‍රයෙන් සිදුකළ පරීක්ෂණයෙන් මෙලෙස කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

මේ වන විට වෛරස ආසාධනය වුයේ කෙසේද යන්න සම්බන්ධයෙන් සත්ව උද්‍යාන බලධාරීන් අධ්‍යනය කරමින් පවතිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button